මෙකී ප්‍රයත්නය “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න බෝඩ්
ලෑල්ලකට සීමා වීම විමසීමටයි. එහි යථාර් තය දෑස් මානයේ පෙනෙන්නට තිබේ. රටේ බහුතර මෙය
සම්මතය යැයි පිළිගත් කාලයකුත් තියෙන්නට ඇති. ඒත් පව්කාරයන්නට ගල් ගහන්න සිංහල අපට
පුරුද්දක් නැත. සිපිරිගෙයි කූරු ගනින අය අතර වැරදීම් වගේම අත් වැරදීම් ද ඇති බව අප
සිතා බැලිය යුතුයි.
පසුගියදා අහිංසක මිනිසුන්ගේ ඉහටත් උඩින් ගිය වතුර
පාරට යට වී සුසුම්ලමින් සිටින අපේම ලේ ඥතීන්ට බත් පත පවා දන්දෙන්න තරම් සිපිරිගෙයි
මනුස්සකම උතුරා ගියා. එපමණක් නොවේ විටෙක සිපිරිගෙය
යනු අපරාධකාරයන්ගේ ශරීරයෙන් මනුෂ්‍යයන් බිහිවන තිඹරිගෙයකි. කැලයේ තාපසයා ළඟට හා
හොරු රැළ ළඟට වැටුණු ගිරව් දෙදෙනාට සිදු වූ දෙය මතකය. නිවැරදි මඟපෙන්විම හොඳ
අනාගතයකට මඟ පාදයි. කවදා හෝ සසර කතර අතරමඟකදී ඔවුන්ට වරදින්න ඇති. එකී ඵලයක් ලෙස
සිපිරිගෙයි සමහරු අපාදුක් විඳින අතර තවත් පිරිසක් රජ සැප විඳිති. මිනිසුන් විදියට
ඉපිද එකී මිනිස්කම සිපිරිගෙට ගියේ ඇයිදැයි සමාජ විද්‍යාත්මක ගැටලුවකි. බල්ලෝ මරල
හරි සල්ලි හොයන ලෝකයක ප්‍රබුද්ධ ජීවත් වීමේ පරම පවිත්‍ර ආශාව අත්හළ සේම පවුලක්
නඩත්තු කරන්න මිනීමරන සමාජයක් අපි අපේක්ෂා නොකරමු. නීතියට කළ නොහැකි බොහෝ දෑ මනුෂ්‍යත්වයට
කළ හැකිය.
පවුකාරයන්ට ගල් නොගසන සමාජයක මිනිසුන්ට ආදරය කරන
පිරිසිදු දේශයක අවශ්‍යතාව අද වන විටමෙරටට ඇති කාලීන අවශ්‍යතාවයකි.
ඉෂානි
හංසිකා අමරදිවාකර
Good artical dr..
ReplyDeleteThnk u anu
ReplyDeleteWooow it's great.. Keep it up Sis!!!!
ReplyDeleteThnk u aiye
ReplyDeleteLasanae aaaa
ReplyDeleteThnk u
ReplyDeletegood hansiyo
ReplyDeletethnk u thilini
Deletelassanai hansiyooo
ReplyDeleteThnk u ishara
ReplyDelete