Showing posts with label සාහිත්‍ය. Show all posts
Showing posts with label සාහිත්‍ය. Show all posts

Friday, June 23, 2017

සිපිරිගෙයි මනුස්සකම




මනුෂ්‍යා උපත ලබන්නේ මිනිස්කම පිරි මනසකිනි.දිනෙන් දින මනුෂ්‍යා වැඩෙද්දී එකී මානුෂීය ගතිවල උස් පහත් වීම් සාධාරණය. එය එසේ වන්නේ මනුෂ්‍යා සමාජය සමඟ ගැටෙන ස්වභාවය හා සීමාව අනුව යැයි කිවහැකිය.

මෙකී ප්‍රයත්නය “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න බෝඩ් ලෑල්ලකට සීමා වීම විමසීමටයි. එහි යථාර් තය දෑස් මානයේ පෙනෙන්නට තිබේ. රටේ බහුතර මෙය සම්මතය යැයි පිළිගත් කාලයකුත් තියෙන්නට ඇති. ඒත් පව්කාරයන්නට ගල් ගහන්න සිංහල අපට පුරුද්දක් නැත. සිපිරිගෙයි කූරු ගනින අය අතර වැරදීම් වගේම අත් වැරදීම් ද ඇති බව අප සිතා බැලිය යුතුයි.

පසුගියදා අහිංසක මිනිසුන්ගේ ඉහටත් උඩින් ගිය වතුර පාරට යට වී සුසුම්ලමින් සිටින අපේම ලේ ඥතීන්ට බත් පත පවා දන්දෙන්න තරම් සිපිරිගෙයි මනුස්සකම උතුරා ගියා.  එපමණක් නොවේ විටෙක සිපිරිගෙය යනු අපරාධකාරයන්ගේ ශරීරයෙන් මනුෂ්‍යයන් බිහිවන තිඹරිගෙයකි. කැලයේ තාපසයා ළඟට හා හොරු රැළ ළඟට වැටුණු ගිරව් දෙදෙනාට සිදු වූ දෙය මතකය. නිවැරදි මඟපෙන්විම හොඳ අනාගතයකට මඟ පාදයි. කවදා හෝ සසර කතර අතරමඟකදී ඔවුන්ට වරදින්න ඇති. එකී ඵලයක් ලෙස සිපිරිගෙයි සමහරු අපාදුක් විඳින අතර තවත් පිරිසක් රජ සැප විඳිති. මිනිසුන් විදියට ඉපිද එකී මිනිස්කම සිපිරිගෙට ගියේ ඇයිදැයි සමාජ විද්‍යාත්මක ගැටලුවකි. බල්ලෝ මරල හරි සල්ලි හොයන ලෝකයක ප්‍රබුද්ධ ජීවත් වීමේ පරම පවිත්‍ර ආශාව අත්හළ සේම පවුලක් නඩත්තු කරන්න මිනීමරන සමාජයක් අපි අපේක්ෂා නොකරමු. නීතියට කළ නොහැකි බොහෝ දෑ මනුෂ්‍යත්වයට කළ හැකිය.

පවුකාරයන්ට ගල් නොගසන සමාජයක මිනිසුන්ට ආදරය කරන පිරිසිදු දේශයක අවශ්‍යතාව අද වන විටමෙරටට ඇති කාලීන අවශ්‍යතාවයකි.

ඉෂානි හංසිකා අමරදිවාකර

Tuesday, June 6, 2017

අපේකමේ මුද්‍රාව


අපේකමේ මුද්‍රාව


මිනිස් උත්පත්තිය සිදුවන්නේ ඔහුට හෝ ඇයට ආවේණිකඅනන්‍යතාවය ද සමඟය. ඒ අනන්‍යතාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් හා  භාෂාව වැදගත් වෙයි.

මෙසේ පවත්වාගෙන යනු ලබන අනන්‍යතාව නැතහොත් ඒ භාෂාව, ක්‍රියාකාරකම් “ජනශ්‍රැතිය” තුළින් නිරූපණය වෙයි. ඒ අනුව සරලව ජනශ්‍රැතිය ලෙස, මානවයාගේ කටවහර හෝ ප්‍රයෝගික හැසිරීම් රටාවන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද මනුෂ්‍ය ඥානය ලෙස හැදින්විය හැකිය. මුල් කාලයේදී ජනශ්‍රැතිය යන වචනය නිර් මාණය වන්නේ ෆොක් - ලෝ(folk- lore) යන යුරෝපීය වචන දෙක ඇසුරිනි.  

ජනශ්‍රැතිය මානවයාගේ සංස්කෘතික භූමිකාව හා සම්බන්ධ වන වපසරිය පුළුල් වුවකි. ජනශ්‍රැතිය නිර් මාණය වන්නේ ජන ජීවිතය තුළින්මය. කෑම බීම, ඇදුම් පැළදුම්, සිරිත් විරිත්, අභිචාර, ශාන්තික ර් ම හා නියැළෙන රැකියාවන් පදනම් කර ගනිමිනි. අපේ කම හා දේශීය සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහාද ජනශ්‍රැතියේ නිර්  මාණ තුළින් ලැබෙන්නේ පිටිවහලකි. එහෙයින් ජනශ්‍රැතිය සංස්කෘතිකමය නිර් මාණයකි.

ජන කවි, ජන නැටුම්, ජන කතා, ප්‍රබන්ධ කතා, ප්‍රස්ථාව පිරුළු හා උපමා ආදිය ජනශ්‍රැතියේ අංග නැතිනම් අවස්ථාය. මේ ජනශ්‍රැතියට කතෘ හෝ හිමිකරුවා වශයෙන් කිවහැකි පුද්ගලයෙක් නොවේ.

අතීතයේ පොත්පත් වල හෝ වෙන කිසිදු මූලාශ්‍රයක ජන කවි, ජන කතා ආදිය පිළිබඳ කිසිදු සඳහනක් ද නැත. ජනශ්‍රැතිය සතු විශේෂත්වය ද එයයි. මුල් කලීන ජනයා තම හුදෙකලාව, මහන්සිය මඟහරවා ගැනීමට හා විනෝදයට ජන කවි, ප්‍රබන්ධ කතා නිර් මාණය කළේය. මින් ඉස්මතු වූයේ ඔවුන්ගේ කලාත්මක හා නිර් මාණාත්මක හැකියාවයි. අදටත් එදා පරම්පරාව ගෙතූ උපමා කතා, ප්‍රස්ථාව පිරුළු උදාහරණයට ගනියි. සාක්ෂරතාව හා තාක්ෂණයෙන් ඒ පරම්පරාව නොදියුණු යුගයක ඔවුන්ගේ කලාත්මක හා නිර්මාණාත්මක හැකියාවේ විශිෂ්ඨත්වය ඇගයිමට ලක්කළ හැකිය.




අතීත පරම්පරාව ජන කතා ආදිය නිර්මාණයට ආගමික පදනමක් හෝ මිත්‍යාව, විනෝදය ආදිය ආශ්‍රය කරගත්තේය. එය කටවහරින්, ලිකිතව හෝ රඟ දැක්මෙන් සම්ප්‍රදායිකව පැවත එයි. ඒ අනුව ජාතක කතා, අරාබි නිසොල්ලාසය, සින්ඩරෙල්ලා කතා හා විවිධ වූ මිත්‍යා මත ඇසුරෙන් නිර්මණය විය. ජන කවිය තුළ ඇත්තේ සරල හා සුගම බස් වහරකි. විශේෂයෙන් බොහෝ ජන කවි ඔවුන්ගේ රැකියාවත් සමඟ සබැඳුණු ඒවා විය. ඒ අනුව පතල් කවි, බඹර කවි ආදිය නිර්මණය විය. ඔලිඳ කෙළිය, මේවර කෙළිය ආදිය ජන ක්‍රීඩා වශයෙන් නිර්මණය වීමේදී ඒවාට ආවේණික ලෙස කවි නිර්මණය විය. “කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි” ආදී ජනශ්‍රැතියෙහි පැවත එන ප්‍රස්ථාව පිරුළු ගොඩනැඟීමට යටි පෙළින් යම් ප්‍රස්ථාවනාවක් මුල් විය. ඒ අනුව මේ සියල්ලම නිර්මාණයට මුල් වූයේ ජන ජීවිතය තුළින්ම බව පැහැදිලිය.

අද වන විට ජනශ්‍රැතිය සතු සම්ප්‍රදායික තත්වය අභිබවමින් හා ජනශ්‍රැතියේ අංග ද එක් කරමින් විවිධ දේ ගොඩනංවයි. විශේෂයෙන් අද දකින රුපවාහිනී වෙළඳ දැන්වීම් ගොඩනැඟෙන්නේ ජනශ්‍රැතියේ නිර්මාණද එක්කාසු කර ගනිමිනි. ජන ගීයෙහි නාද මාලාව ඒ අයුරින්ම අනුකරණයට ලක් කරයි. ඒ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ග්‍රහකයාට සමීප කරලීමේ උපක්‍රමයක් වශයෙනි. ජනශ්‍රැතියෙහි ඇතුළත් අපේකම, දේශීය අනන්‍යතාවය ග්‍රාහකයාගේ විශ්වාසය හා ආකර්ෂණය ලබා ගැනීමට සමත්වෙයි. මේ තත්වය අලෙවිකරණයට උපක්‍රමයක් ලෙස වර්තමානයේ යොදා ගනී.

අදටත් අපේකම හා දේශීය සංස්කෘතිය මෙය යැයි ලෝකයට ඉදිරිපත් කිරීමට ඇති එකම අනන්‍යතා සහතිකය ජනශ්‍රැතිය යි. එය අපේ ජනජීවිතය නිරූපණය කරමින් අපේකම හා සංස්කෘතිය මුසුකරගනිමින් ගොඩනැඟුණු අපුරු නිර්මාණයකි.

ඉෂානි හංසිකා අමරදිවාකර      

Sunday, May 28, 2017

ගීතයක අරුත




වැරහැලි අඩු කුලියට සළු මැසුව කුමාරි..



වැරහැලි ඇඳ        
අඩු කුලියට සළු මැසුව කුමාරි                   
ඉදි කටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරී....                                         




 තණ පලසේ බිම හොවින දිගාවි
ළැම කිණිසි තුඩක් ඇණුනු කුමාරි
කන කර ගලවා රැුයට මුවා වී
මරු රැගෙන ගියේ ඇයිද කුමාරී....


බිම යකඩ කඳන් වලට මුවා වී
සුදු මිනී මලක් නඩුව කියාවී                           
සත්පත්තිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළඹ ගෙනේවී....


ගායනය විශාරද ගුණදාස කපුගේ
පද රචනය රත්න ශීරී විජේසේකර
සංගීතය   විශාරද ගුණදාස කපුගේ

 


ගීතය යනු මානව හදවත ආනන්දයෙන් රඥාවට යොමු කරන රබලතම කලා මාධ්යයකි. ගී පද මාලාව, තනුව හා ගායනය මනා ලෙස සුසංයෝගය වූ කල්හි ගීතය අර්ථ රසයෙන් සේම ශබ්ද රසයෙන්ද පරිපූර්ණ වන්නේය. ගීතය සමාජයේ යහපැවැත්ම උදෙසා මෙන්ම සහෘද ආකල්ප වර්ධනය උදෙසා උපයුක්ත කරගතහැකි කලා නිර්මාණයකි. ගීතයක පද මාලාව ගීතයේ මේ ගුණාංග නිරූපණය කිරීමේදී වැදගත් වන්නේ එය රස හා අර්ථ සම්පාදනය කරන බැවිනි. ගේය පද රචකයා යනු පොදු සමාජ විිඥානයට ආමන්ත්රණය කරමින් සමාජ සුභාවිතය උදෙසා ගීත නිර්මාණ කරයි.

මේ අයුරින් නිර්මාණය වන ගීත අතර විවිධ වස්තු බීජයන් මුල් කර ගනිමින් රචනය වන ගීත ඇත. අතර විරෝධාකල්ප මත දරමින් නිර්මාණය වන විරෝධාකාල්පික ගීත අසන්නට ලැබේවිරෝධාකල්ප ගීත තුළින් පවතින සමාජ දේශපාලන තත්වයන් යම් රමාණයකට විවේචනයට බඳුන් කිරිමක් සිදුවේ. එසේම සමාජ, දේශපාලන සහ ආගමික තත්වයන්හි පවතින දුර්වලතා විවේචනය කරමින් ඇතැම්විට උපහාසාත්මකව තවත් විටෙක දැඩි විවේචනාත්මකව ස්වරූපයෙන්ද විරේධාකාල්පික ගීත නිර්මාණය වේ. මෙම ගීත සමාජයේ යහපැවැත්ම සඳහා උචිත ගීත වශයෙන් නම් කළ හැකිය. මිනිසුන්ට සමාජ යථාර්ථය පෙන්වා දීම මෙම ගීත ඇසුරින් සිදුවන්නක් බව විශ්වාස කළ හැකිය. විශාරද නන්දා මාලිනියන්ගේ "පවන" කැසට් පටයේ ඇතුළත් ගීත, ගුණදාස කපුගේ ශූරීන්ගේ "කම්පන" විරේධාකාල්පික ගීත සඳහා උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරන මෙම " වැරහැලි ඇඳ අඩු කුලියට සළු මැසුව කුමාරි" ගීතය එසේ සමාජ විශමතාව පිළිබඳ විරෝධාකල්පයක් සහිත ගීයක් ලෙස පෙන්වා දිය හැකිය. එම ගීය පහත අයුරින් විචාරයට බඳුන් කළ හැකිය.


සියල්ල අනිත්යය, දුක්ඛය හා අනාත්මය සේම වත්මන් සමාජයද ගෝරය, කටුකය යන්නද අප සියල්ලන්ම දන්නා කරුණකි. දැනගත යුතු සිද්ධාන්තයකි. මේ සිද්ධාන්තයෙන් එපිට අප කිසිවෙකුට වෙනස් පුද්ගලයෙකු සේ ජීවත් විය නොහැක. සෑම තැනකම පවතිනුයේ මෙම සිද්ධාන්තයමයි. ඉන් එපිට සුරංගනා ලෝක නොවේ. අපට එවන් ලෝක තැනිය නොහැක. එසේ තනන්නේ නම් තැනිය හැකිකේ දහවල් සිහින තුළ පමණි. දිනෙන් දින අප ඟා වන්නේ විපත්ති කාලයකටය. සමාජය තුළ ජීවත්වන මිනිසුන්ගේ මානසික තත්වයන් ව්යාකූලය. අසන්නට දකින්නට ලැබෙන්නේ විපත්ති කාලයකට පූර්වයෙහි සිදුවන අනාවැකිය. රත්න ශී විජේසේකරයන්ගේ මේ උද්වේගකර, විරෝධාකාල්පික සේම සංවේදී පද වැල් වලින් සමාජයේ එවන් දූෂිත පැතිකඩක් අනාවරණය කරයි. තත්වය ඛේදනීයය.

මේ විරෝධාකාල්පික පද වැල් වල අන්තර්ගත වන්නේ අවනඩුවකි. ඇය ගමෙන් නගරයට එන්නේ ජීවිත සටන ජයගන්නටය. තම අසරණ නිවැසියන්ගේ බඩ වියත සරි කරන්නටය. ඇය මෙසේ මැහුම් හලට එන්නේ ඇගේ ජීවිත සටනේ අවසාන තුරුම්පුව ලෙසින් වන්නට ඇත. නමුදු ඇයට සිදුවන්නේ පාපතරයෙකුගෙන් මැරුම් කන්නටය. කුසට අහරක් නොගෙන, කුලී කාමරයක මදුරුවන් තල තලා නිදි නොලැබ, සොච්චමකට කඹුරමින් රැස්කරගත් කන කර නිසාවෙනි. පාපතරයා ඇගේ වස්තුව සේම ඇගේ ආත්මය බිලිගන්නට ඇත. මේ උද්වේගකර පදවැල් වලින් අරුත් ගැන්වෙන්නේ අප සමාජයේ මෙවන් ඛේදවාචකයකි.


වැරහැලි හැ
අඩු කුලියට සළු මැසුව කුමාරි
වැරහැලි හැඳ, අඩු කුලියට ඇඳුම් මසන්නට නම් ඇය දුගී දුප්පත් කමේ අන්තයේම සිටිය විය යුතුය. රචකයාගේ වැරහැලි වදනින්ම එය පසක් වේ. මේ අපට පෙනෙන්නේ අප සමාජයේ විශමතාවයි. පන්ති භේදයයි. රට සංවර්ධනය වනනේ නම් මෙවන් අසරණයින් රට තුළ තවදුරටත් සිටින්නේ කෙසේ ? සංවර්ධනය හිමි ධනපති පන්තියට පමණක් වන්නට ඇත. පැල්පත් වාසීන්, වතුකරයේ ජනතාව සේම දුෂ්කර ගම්මාන වැසියන් අදත් හිටපු තැන් වලමය. අසරණයන්ට අත දෙන්නට කවුරුන් වේද. කබලෙන් ලිපට වැටුණා සේ ඇයට සිදුවන්නේ එවන්නකි. ඇය සිදාදියට එන්නේ නරක රැකියාවකට නොවේ. නමුත් එය දෙස සමාජය තුළ ඇති අවබැල්මකින් බලන්නට සමාජය පුරුදු විය. කුරුඳුවත්තේ නෝනල හිරිකිතයකින්, අවඥාවකින් මේ දෙස බැලූහ. ඔවුන් දත නියවන්නේ වෙළඳ කලාපය තුළ ඇඟළුම් කම්හල් ආශරිතව නිර්මාණය වී ඇති උප සංස්කෘතිය තුළ බොහෝ යුවතියන් අපයෝජනයට ලක් වන නිසාවෙනි. ඔවුන් පළමුව අපයෝජනයට ලක්ව කල්යත්ම එයට හුරුව ස්ව කැමැත්තෙන්ම එවැනි දෙයහි ඇලී සිටියි. මෙම තත්වයට මේ අසරණියන් වගකිව යුතු නොවේ. ධනපතියා, බලය ඇත්තා කොපමණ දත නියවුව මෙවන් යුවතියන්ගේ ආත්මය බිලිගන්නේ ධනපතියා . දේශපාලඥයා . මෙයයි යථාර්තය.


ඉදි කටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරී....
සළු මසන ලියකගෙ අතෙහි ඉදිකටුවක් ඇනීම සාමාන් දෙයකි. එහෙත් ඉදිකටුවක් ඇනුනාදැයි විමසීමෙන් සංකේතවත් කරනුයේ ඉන් එහා ගිය ඇබැද්දියක සේයාවකි.

තණ පලසේ බිම හොවින දිගාවි
ළැම කිණිසි තුඩක් ඇණුනු කුමාරි
ඇය තණ පලසේ වැතිර සිටින්නේ ඇයට යම් සැනසීමක් උදා වූ බව අඟවමිනි. සතුව කන කර ආභරණ සතු වූ නිසාවෙන් විය හැකිය. නමුදු එවන් අවස්ථාවේ ඇඟෙළැමෙහි ඇනුණේ ඉදිකටු තුඩක් නොවේ. කිනිසි තුඩකි. ඉන් ෙඟ් මුළු ආත්මයම පසාරු කරන්නට ඇත. මේ කළ කුමන පාපයක් නිසාද. කුමන වරදකට දඬුවමක් ලෙසද. සමාජ විශමතාව තුළින් ගොඩනැඟෙ රචණ්ඩත්වය මෙයයි. ධනපතියා, බලය ඇත්තා කිසිවිටෙක මෙවන් රැකියා නොකරයි. එහෙයින් මෙවන් අවනඩු ඔවුන්ට නොවේ. "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ" සේ සියළු අවනඩු නිර්ධනයන්ටය

කන කර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ ඇයිද කුමාරී....
ඇඟෙ වස්තුව අහිමි විය. කිනිසි පහරේ අරමුණ මෙයයි. මේ ඟෙ අවසන් තුරුම්පුවයි. මෙවන් අසරණයින් අතකර කණකර සරසාගෙන සිටීම කිනම් පාපයක්ද. ඟෙ ආත්මය, ජීවිතය බිලිගත්තේ නිර්ධනයන්ට කිසිදා මේ සමාජය තුළ නැඟිටීමට නොහැකි බව පසක් කර දෙමින්ද. ඟෙ ජීවිතය විනාශ වන්නට ඇත්තේ ඟෙ පන්තියේම එකෙකු අතින් විය හැකිය. එවැනි පාපතරයන් බිහිවන්නට මේ සමාජ විෂමතාව වගකිව යුතුය.


බිම යකඩ න් වලට මුවා වී
සුදු මිනී මලක් නඩුව කියාවී
සත්පත්තිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළඹ ගෙනේවී....
ඇය මේ කුරිරු සමාජයෙන් ඈත්ව ගොස් අවසන්ය. එහෙත් මෙවන් මරණ වලට සාධාරණයක් ඉටු වන්නේ නැත. මරණයෙන් පසු ඇතිවන සාධාරණයක් නැත. මෙවන් මරණයන් නීතිය ඉදිරියට ගෙන යන්නෙකු නැත. ඇගේ දෙමාපියන් තිබූ වත්කම, බලාපොරොත්තුව ඇය වන්නට ඇත. නීතියක් ඉදිරියට යන්නට තරම් ඔවුන්ට ශක්තියක් නොවේ. මේ මරණය දුටුව අයෙක්ද ඉදිරියට නොඑන්නේ තමන්ද අමාරුවේ වැටෙයි යන බිය නිසාවෙනි. මන්ද අද සියල්ල බලයට හා මුදලට යටත් බව හේතු කොටගෙනය. මෙවන් පාපතරයින් බේරාගන්නට  ඕනෑතරම් බලවතුන් සිටියි. මේ අප සමාජයේ පහත් විෂමතාවයි.

සුදු මිනී මලක් නඩුව කියාවී
සත්පත්තිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළඹ ගෙනේවී....
ඇයට නඩුවක් කියයි නම් ඟෙ සොහොන ළඟ පිපෙන සුදු මිනී මලක් පමණි. වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නේ නම් සත්පත්තින් මවුන් පමණි. එහෙත් මෙතෙක් අවදිව උදුරාගෙන ගිය සළඹ ගෙනැවිත් දුන් සත්පත්තිනි මවුන් කොහිද? නිර්ධනයා සැමදා එක තැනය. වැරදි කරන්නේ ඔවුන්ය, වැරැද්දට හසු වන්නේද ඔවුන්ය. අවසානයේ ඔවුන්ගේ පිහිටට සිටින්නේ උඩ සිටින දෙවියන් පමණි. අද අප ජීවත් වන්නේ මෙවන් සමාජයකය. තත්වය වෙනස් වීමට නම් රට තුළ මහා පෙරළියක් විය යුතුය. සියල්ලටම බාලගිරි දෝෂය වැළඳී ඇති හෙයින් කළ යුත්තේ බලා සිටීම පමණි.  

අදටත් වෙළඳ කලාපය මෙසේමය. කිසිදු වෙනසක් නොවේ. මෙවන් ඛේදවාඡුකයන් අද වන විට සාමාන්යකරණය වී ඇත. මෙය උවදුරකි. සියල්ලන්ම මනුෂ්යයන් බව සියල්ලෝම මතක තබාගත යුතුය. පන්ති භේදය තවදුරටත් පවතින්නේ නම් මෙවන් උපසංස්කෘතීන් , අපචාරයන් මැඩපැවැත්විය නොහැක. නිර්ධනයා සැමදාම එක තැනමය. සංවර්ධනය වන රටක් තුළ මෙවැනි තත්වයන් සිදු විය නොහැකිය. විය යුත්තේ මිනිසා සමාජය දෙස බලන දෘෂ්ඨිය වෙනස් කිරීමයි. එහෙයින් ලංකාව වැනි රටකට අවශ් භෞතික සංවර්ධනයට එහා ගිය අධ්යාත්මික සංවර්ධනයකි. මිනිසුන් සිතන ආකාරය වෙනස් විය යුතුය. ධනපතියා ඔවුන්ගේ සමාජ පසුබිමේ ආකාරයෙන්ද, නිර්ධනයා ඔහුගේ සමාජ මට්ටමින්ද සිතයි නම් රටක් වශයෙන් සංවර්ධනය ගව් ගානක් දුරය. ළිඳෙ සිටින මැඩියන් සේ සිතමින් පන්ති භේද, කුල භේද තව තවත් වර්ධනය කරගත යුතු නොවේ. ගීතයෙන් රකාශනය වන ආකාරයට නිර්ධනයා යනු සෑම පැත්තෙන්ම අසරණ වූ අයෙකි. අධ්යාත්මික සංවර්ධනය තුළින් අප සමාජය වෙත එල්ල කරන දෘෂ්ඨිය වෙනස් කරමින් සියල්ලන්ම මනුෂ්යයන් යැයි සිතමින් කටයුතු කළ යුතුය.  

ඉෂානි හංසිකා අමරදිවාකර