නොරිකෝ
නුඹ........
සකුරා මල්
පිපෙන ඉසව්වේ
සකුරාවේ චමත්කාරය
විඳින්නට,
ෆූජි කන්ඳේ
හිමතලා මැඳ
සිරිය විඳින්නට,
තෝකියෝ කෝපි
හලේ හිඳ
ඒ රසය
විඳින්නට,
ලාපුපේ
සංගීතයේ
මිහිර
විඳින්නට,
නියෝන් එළිය
මැඳ
වීදි දිගේ
ඔහේ ඇවිද ගොසින්
සකුරාවේ බහ
තෝරන්නට,
දෙවේන්දොරෝට.....
හයියක් වුණේ
නුඹ
යි.........
ඉෂානි
හංසිකා අමරදිවාකර





