Friday, May 19, 2017

පමා වූ වසන්තය









පමා වූ වසන්තය
දෑස අයා සිටින්නෙමි
බලාපොරොත්තුව ද කැටිකරගත්
සිතින්,
කිම්ද මෙතරම් පමා
පැමිණෙන්න මා වෙත
පෙනෙන මානයටවත්
අඬගසමි  ස්නේහයෙන්,
අයැදිමි හදවතින්,
දැනෙනවාද ඔබට......
හදවත ගැහෙන රාවය
ඉතින්,
ඉක්මණින් පැමිණෙන්න
බලාසිටින්නෙමි
පමා වී හෝ
පැමිණෙයි කියා
වසන්තය
ඔබ...........

ඉෂානි හංසිකා අමරදිවාකර

No comments:

Post a Comment