Showing posts with label සංචාරය. Show all posts
Showing posts with label සංචාරය. Show all posts

Monday, July 24, 2017

ආසියාවේ මනාලිය


ආසියාවේ මනාලිය කියලා හඳුන්වන්නේ අපි හැමෝම දන්නා ජපානය. ජපානය සුන්දර රටක් වගේම එරට සිටින මිනිස්සුත් සුන්දර හා ඉතාමත් ප්‍රිය මනාප යැයි බොහෝ දෙනාගේ අදහසයි. එසේම සොර සතුරු කරදර අවම බියෙන් සැකයෙන් තොරව සංචාරය කළහැකි රටක් ලෙස ද ජපානය හඳුන්වනවා.
ජපානයේ හතරෙන් තුනක වපසරියක්ම කඳුකර පෙදෙස් සඳහා වෙන් වන අතර ඉතිරිය තැනිතලා හා ගං මෝය වලින් සමන්විත වේ. ජපානයේ උතුරේ සිට දකුණ දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් දුපත් සමුහයකි. මේවායින් හොක්කයිදෝ, හොන්ෂු, ෂිකොකු හා  කියුෂු ප්‍රධානය. මේ ආකාරයෙන් ජපන් භුමියේ තිබෙන නම්‍යතාවයවය ද ජපානය සුන්දර රටක් කරන්න පිටුවහලක්.
ඒ වගේම ජපානය මනාලියක් කරන්න විශාල කාර් යයක් කරන්නේ එරට දේශගුණ හා කාලගුණ යි. ජපානය ප්‍රධාන වශයෙන් ඍතු හතරකින් යුක්තයි. ඒවා හරු, නත්සු, අකි හා යුෆු වේ. ජපානයේ කාලගුණය පුදුමාකාරයි. මොකද ජපානයේ උතුරු ප්‍රදේශයේ හා දකුණු ප්‍රදේශයේ පවතින්නේ කාලගුණයේ පරස්පර තත්වයක්. ඒ, එකම කාල වකානුවකදී දකුණු ප්‍රදේශයට හිරු රැස් වලින් යුක්ත උණුසුම් කාලගුණයක්ද, උතුරු ප්‍රදේශයට හිම වැටෙන සීතල කාලගුණයකින් ද යුතු වීම නිසා. ජපානයේ ඉතා මනරම් දර්ශනයක් විදියට වසන්තයේ සකුරා මල් විකසිත වීම. පුරා මාස හයක සීතල දේශගුණයකින් පසුව උදාවන වසන්ත සමය තමා ජපානය මනාලියක් කරන්න සමත් වෙන්නෙත්. ඒ වගේම සරත් කාලයේ රතු, තැබිලි හා කහ වර් ණ ගැන්වෙන ගස්වල කොළ ඇතිවීම ද සුන්දරත්වය ඔප දමන තවත් අවස්ථාවක්. එරටට අනන්‍ය වූ මේ සුන්දරත්වය තමයි මුළු රටම හැඩකරන්නේ.
වසන්ත සමය ජපානය නිරන්තරයෙන් උත්සවශ්‍රීයෙන් පුරවනව. සෑම වර් ෂයකම මාර් තු  අවසන් සතියේ සිට මැයි මුල් සතිය දක්වා සමස්ත එළබෙන වසන්තය ජපානයට ආවේණික වූ උත්සව සමයක් ආරම්භ කරනවා. මේ උත්සව සමය  හනමි (Hanami) නමින් හඳුන්වනවා. හනමි නමින් ඔවුන් අරුත් දක්වන්නේ මල් පිබිදෙන නැතිනම් මලින් පිරුන යන අදහසයි. හනමි සමයේ විශේෂිත මල් වර් ගය වෙන්නේ සකුරා නැතිනම් චෙරි මල් ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේ මුල් සතියේ සකුරා මල් පිපෙන සමය පිළිබදව තොරතුරු ජපානයේ කාලගුණ තොරතුරු මද්‍යස්ථානය මඟින් ප්‍රසිද්ධ කරනු ලබයි. මාර් තු මාසයේ අවසන් සතියේදී පමණ දකුණේ කියුෂු දුපතෙන් ආරම්භ වන සකුරා මල් සමය උතුරේ හොකයිදෝ දුපතෙන් මැයි මාසයේ මුල් සතියේදී අවසන් වේ.සකුරා සමය දේශගුණ හා කාලගුණ තත්වයන් මත රඳා පවතින්නකි. ඒ කාලගුණික ස්වභාවික සංසිද්දීන් මත සකුරා මල් සමය ප්‍රමාද වීම හෝ කෙටි වීම සිදු වේ.
වසන්ත කාලය අසිරිමත් කරන්නේ සකුරා මල් නිසා සකුරා මල් වසන්ත සමය කියලත් හඳුන්වනවා.ජපානයේ වසන්ත සමයට සකුරා මල් සංකේතයක් නමුත් ඒ වසන්ත සමය අර් තවත් කරන්නේ ජපන් ජාතිකයන්ගේ සැලකිලිමත් බැවින් හා පිලිවෙලින් ය.
ජපන් වසන්තයේදී සකුරා මලින් පසුව අවදානය යොමු වෙන්නේ ටියුලිප්(tulip) මල් වලට හා polemoniaceae, ඩෆිඩිල් මල් වලටය. ඒ වගේම වසන්ත සමයට පමණක් පිපෙන ඊට අවේණික මල් වර් ග මේ වසන්ත සමය තවත් හැඩ කරනව.
ගං ඉවුරු වල, මං මාවත් අද්දර වගේම මුළු ජපනයම හැඩ කරන මේ මල් ජපානයේ අනන්‍යතාවයි. එය ජපානය ආසියාවේ මනාලිය කිරීමට සමත්ය.

Tuesday, June 27, 2017

රන්මිණිතැන්නේ අපූරුව


ලෝකයේ දියුණු සිනමාවක් පවතින බොහෝ රටවල චිත‍්‍රාගාර පහසුකම් දැකිය හැකි වීම අනිවාර් ය ලක්ෂණයක්.


මීට කදිම නිදසුනක් වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව තුළ තිබෙන චිත‍්‍රාගාර පහසුකම් ඉතා ඉහළයි. අපේ සිනමා අධ්‍යයක්ෂකවරුන් ද චිත‍්‍රපට මෙරට රූපගත කර, එහි කටයුතු නිම කර අවසානයක් දකින්නට යන්නේ ඉන්දියාවට. ඒත් අද එසේ චිත‍්‍රපට වල දළ සේයාපට ලබාගන්නට ඉන්දියාවට යෑමේ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. මොකද ලංකාවේ මෑතකාලීනව ඉදි වූ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ඒ අවශ්‍යතාවය සපුරාලන නිසා.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනරම් දර් ශනීය, අති විශාල භූමි ප‍්‍රමාණයක ඉදි වූ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය කලාවේ නවෝදයට එක් කළ අද්විතීය පියවරක් කියල හඳුන්වන්න පුළුවන්.

මේ නිසා අද වන විට තිරරචනය, කාර්මික ශිල්පීන්, නළු නිළියන් හා රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දොරටුවෙන් ඇතුල් වන අධ්‍යයක්ෂවරයාට මනසින් ඇ`දි නිර්මාණය දෑසින් බලා තෘප්තිමත් සිතින් පිටවීමේ අවකාශය ලැබිල තියෙනවා.

මෙහි මුළු භූමි ප‍්‍රමාණය අක්කර 235 ක්. අක්කර 25ක් පුරා විහිදිලා තිබෙන ජම්බුගස් වැවෙන් හාත්පස පරිසරයේම සුන්දරත්වය පිළිඹිබු කරනවා. ඉන් ඉතිරි වී ඇති මුළු භූමි ප‍්‍රමාණයම රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ප‍්‍රයෝජනයට ගන්නවා.

විශාල දර්ශන තල, ජල තටාක, අවන් හල්, වීදි, වෙළ සංකීර්ණ, ගොඩනැගිලි, පාසල්, මං මාවත්, උද්‍යාන, කඩමණ්ඩි, රෝහල්, නවාතැන් පහසුකම්, වාහන නැවැත්වීමේ පහසුකම්, කැමරා ආම්පන්න උපකරණ ලබා දීමේ පහසුකම් ආදිය ඇතුළත් සියලූ පහසුකම් උපරිම අයුරින් ලබාගැනීමේ පහසුව කලාකරුවන්ට සිනමා ගම්මානයෙන් සපිරේ.

නිදහස් නිස්කලංක පරිසරයක ඉදි වූ රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දර්ශනතල සුවිශේෂීය. ඒ මෙරට පමණක් නොව විදෙස් රට වලත් සිනමා කෘති සහා කලා අධ්‍යයක්ෂණයෙන් එක් වූ සම්මානනීය එරල් කෙලී මෙහි පසුතල නිර්මාණයෙන් දායක වීම හේතුවක්. ඔහුගේ අධ්‍යයක්ෂණය හා ම පෙන්වීම අනුව සේන මාඹුලගේ, වෙලේගෙදර රණසිංහ, සේනක රණසිංහ වැනි ප‍්‍රවීණ කලාකරුවන් මීට දායක වෙලා තියෙනවා. ස්ථාන සැකිල්ලට විවිධ පසුතල සවිකරමින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ හැකියාව ද ඇත.

උදාහරණයක් ලෙස පැරණි කොළඹ නගරය දර්ශන තලයකට අවශ්‍ය වුවහොත් ඒ පැරනි ගොඩනැගිලි රටා අනුව එම දර්ශන තලය සැකසීම සිදු කරනවි වගේම නවීන නගරයක් අවශ්‍ය වුවහොත් පැරණි කොටස් ස්ථාවර සැකිල්්ලෙන් ගලවා ඉවත් කොට අලූත්ම නගරයක් නිර්මාණය කරයි. සුපිරි වෙළ සංකීර්ණයේ ඉලා ගමේ කෝපි කඩය දක්වාම මේ විදියට නිර්මාණය කරනව දැක ගන්න පුළුවන්.

රන්මිණිතැන්නේ ඉදි වූ මෙම වටිනා පසුතල දර්ශන සේම කිරින්ද, තිස්සමහාරාමය, කතරගම වැනි දැකුම්කළු දර්ශන තල රැසක් මෙය අවටම තිබීම වාසිසහගතයි. යාල වනෝද්‍යානය ද මෙයට සම්පතක්.

කණ්ඩායම් හතරකට එකවර කටයුතු කිරීමේ හැකියාව ද, එකිනෙකාට බාධා නොවන අන්දමින් ශබ්ද ඒකක නිර්මාණය කර ගැනීමට හැකිවීම ද රන්මිණිතැන්න තවත් සුවිශේෂී වන්නට කාරණයකි. තවත් සුවිශේෂී කාරණයක් සහන් කළ යුතුමය. ඒ, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය නිමකරනු ලැබුවේ මෙරටට ආනයනය කරන ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට බදු මුදලින් පමණක් වීමය.

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මෙන්ම කලාවේ අභිවෘද්දියට ඉදි වූ රන්මිණිතැන්නේ දේශීය මෙන්ම විදේශීය ටෙලි නාට්‍ය, චිත‍්‍රපට රූපගත කර ඇත.

ඔබට මතක ඇති ආසියාවේ දීර්ඝතම ගුවන් විදුලි ටෙලි නාට්‍ය. ඒ මුවන්පැලැස්සයි. ඒ වගේම එයින් නිර්මාණය වුණු කොරළේ මහත්තයා ටෙලි නාට්‍යය ද ප්‍රේක්ෂකයාගේ සිත්ගත් ටෙලිනාට්‍යයක්. එහි මුළු ටෙලිනාට්‍යම රූගත කෙරුණේ රන්මිණිතැන්නෙ. මුවන්පැලැස්සෙන් ශ‍්‍රාවකයා තුළ මැවූ දර්ශන රන්මිණිතැන්න ඇසුරෙන් කොරළේ මහත්තයාහි ටෙලි නාට්‍යයෙන් දක්නට ලැබුණා. මෙය රූගත කිරීමම සිනමා ගම්මානයක වටිනාකම හොඳින්ම කියාපාන සාක්ෂියක්.

අමුතු මිනිස්සු ටෙලි නාට්‍යයේ ද සියළු කොටස් රූගත කරන ලද්දේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ. සැබැවින්ම එය අමුතු ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ තිබෙන්නේ කාල්පනික නගරයක්. ප‍්‍රංශයේ ඇල්බියස් නගරය කේන්ද්‍ර කරගත් මෙහි කතාව ලංකාවේ පසුබිමට අනුව වෙනස් කරනවා. අමුතු මිනිස්සු හි අධ්‍යයක්ෂක රොෂාන් කුරුප්පු මහතා ප‍්‍රකාශ කරන්නේ මේ ටෙලි නාට්‍යයට අවශ්‍ය සියලූ දර්ශන රන්මිණිතැන්නේ පමණක් තිබුණු බවයි. ඒ වගේම රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සකස් වී තිබුණු සියළුම පසුතල මෙය රූගත කිරීමට යොදා ගත් බව ද ප‍්‍රකාශ කළා.

මේ අතරින් රන්මිණිතැන්නෙහි රූගත කෙරුණු පළමු චිත‍්‍රපටිය වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යයක්ෂණය කළ කුස පබා චිත‍්‍රපටියයි. මෙහිදී පැරණි දඹදිව රන්මිණිතැන්නෙන් බලාගැනීමට අපට හැකියාව ලැබුණා.

දේශීය සේම විදේශීය චිත‍්‍රපට මෙහි රූපගත කිරීම ද මෙහි සුවිශේෂී ලක්ෂණයක්. ඒ ඉන් එක් අවස්ථාවක් ලෙෂ ඉන්දීය චිත‍්‍රපට අධ්‍යයක්ෂක අනුරාග් කාෂි විසින් අධ්‍යයක්ෂණය කරන ලද බොම්බේ වෙල්වට් චිත‍්‍රපටිය මෙරට රූගත කිරීම දැක්විය හැකිය. ඉන්දියාවේ බොලිවුඩයට මේ අයුරින් අපට සම්බන්ධ වීමට හැකි වීමද ලාංකීයන් ට අභිමානයක්.

ඒ වගේම සෝලා එලික්ස් චිත‍්‍රපටිය ද රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ රූපගත කෙරුණු විදෙස් චිත‍්‍රපටියකි. චිත‍්‍රපටියට අවශ්‍ය ඇමෙරිකානු හා ඉන්දීය දර්ශන තල අතිවිශාල පිරිවැයක් දරමින් රන්මිණිතැන්නෙහි ඉදි වුණා.

මෙසේ ලාංකීය කලාව ජාත්‍යන්තරයට ගෙන යෑමේ එක් සංධිස්ථානයක් ලෙසින් රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හැඳින්විය හැකියි. මෙය ලාංකීය සිනමාවේ පිනට පහළ වූ අග‍්‍රගන්‍ය නිර්මාණයක්. වල් බිහි වීමට නොදී එය රැකගැනීම අප කලාකරුවන්ගේ වගකීමක්.