මීට
කදිම නිදසුනක් වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව තුළ තිබෙන චිත‍්‍රාගාර පහසුකම්
ඉතා ඉහළයි. අපේ සිනමා අධ්‍යයක්ෂකවරුන් ද චිත‍්‍රපට මෙරට රූපගත කර, එහි කටයුතු නිම කර අවසානයක් දකින්නට
යන්නේ ඉන්දියාවට. ඒත් අද එසේ චිත‍්‍රපට වල දළ සේයාපට ලබාගන්නට ඉන්දියාවට යෑමේ අවශ්‍යතාවයක්
මතු වෙන්නේ නැහැ. මොකද ලංකාවේ මෑතකාලීනව ඉදි වූ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ඒ
අවශ්‍යතාවය සපුරාලන නිසා.
හම්බන්තොට
දිස්ත‍්‍රික්කයේ මනරම් දර් ශනීය, අති
විශාල භූමි ප‍්‍රමාණයක ඉදි වූ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය කලාවේ නවෝදයට එක්
කළ අද්විතීය පියවරක් කියල හඳුන්වන්න පුළුවන්.
මේ
නිසා අද වන විට තිරරචනය, කාර්මික ශිල්පීන්, නළු නිළියන් හා රන්මිණිතැන්න ටෙලි
සිනමා ගම්මානයේ දොරටුවෙන් ඇතුල් වන අධ්‍යයක්ෂවරයාට මනසින් ඇ`දි නිර්මාණය දෑසින් බලා තෘප්තිමත්
සිතින් පිටවීමේ අවකාශය ලැබිල තියෙනවා.
මෙහි
මුළු භූමි ප‍්‍රමාණය අක්කර 235
ක්. අක්කර 25ක් පුරා විහිදිලා තිබෙන ජම්බුගස්
වැවෙන් හාත්පස පරිසරයේම සුන්දරත්වය පිළිඹිබු කරනවා. ඉන් ඉතිරි වී ඇති මුළු භූමි ප‍්‍රමාණයම
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ප‍්‍රයෝජනයට ගන්නවා.
විශාල
දර්ශන තල, ජල තටාක, අවන් හල්, වීදි, වෙළඳ සංකීර්ණ, ගොඩනැගිලි, පාසල්, මං මාවත්, උද්‍යාන, කඩමණ්ඩි, රෝහල්, නවාතැන් පහසුකම්, වාහන
නැවැත්වීමේ පහසුකම්, කැමරා ආම්පන්න උපකරණ ලබා දීමේ පහසුකම්
ආදිය ඇතුළත් සියලූ පහසුකම් උපරිම අයුරින් ලබාගැනීමේ පහසුව කලාකරුවන්ට සිනමා
ගම්මානයෙන් සපිරේ.
නිදහස්
නිස්කලංක පරිසරයක ඉදි වූ රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දර්ශනතල සුවිශේෂීය. ඒ මෙරට
පමණක් නොව විදෙස් රට වලත් සිනමා කෘති සඳහා කලා අධ්‍යයක්ෂණයෙන් එක් වූ සම්මානනීය එරල් කෙලී මෙහි පසුතල
නිර්මාණයෙන් දායක වීම හේතුවක්. ඔහුගේ අධ්‍යයක්ෂණය හා මඟ පෙන්වීම අනුව සේන මාඹුලගේ, වෙලේගෙදර රණසිංහ, සේනක
රණසිංහ වැනි ප‍්‍රවීණ කලාකරුවන් මීට දායක වෙලා තියෙනවා. ස්ථාන සැකිල්ලට විවිධ
පසුතල සවිකරමින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ හැකියාව ද ඇත.
උදාහරණයක්
ලෙස පැරණි කොළඹ නගරය දර්ශන තලයකට අවශ්‍ය වුවහොත් ඒ පැරනි ගොඩනැගිලි රටා අනුව එම දර්ශන තලය සැකසීම සිදු කරනවි
වගේම නවීන නගරයක් අවශ්‍ය වුවහොත් පැරණි කොටස් ස්ථාවර සැකිල්්ලෙන් ගලවා ඉවත් කොට
අලූත්ම නගරයක් නිර්මාණය කරයි. සුපිරි වෙළඳ සංකීර්ණයේ ඉඳලා ගමේ කෝපි කඩය දක්වාම මේ විදියට
නිර්මාණය කරනව දැක ගන්න පුළුවන්.
රන්මිණිතැන්නේ
ඉදි වූ මෙම වටිනා පසුතල දර්ශන සේම කිරින්ද, තිස්සමහාරාමය,
කතරගම වැනි
දැකුම්කළු දර්ශන තල රැසක් මෙය අවටම තිබීම වාසිසහගතයි. යාල වනෝද්‍යානය ද මෙයට
සම්පතක්.
කණ්ඩායම්
හතරකට එකවර කටයුතු කිරීමේ හැකියාව ද, එකිනෙකාට බාධා නොවන අන්දමින් ශබ්ද ඒකක නිර්මාණය කර ගැනීමට හැකිවීම ද
රන්මිණිතැන්න තවත් සුවිශේෂී වන්නට කාරණයකි. තවත් සුවිශේෂී කාරණයක් සඳහන් කළ යුතුමය. ඒ, රන්මිණිතැන්න
ටෙලි සිනමා ගම්මානය නිමකරනු ලැබුවේ මෙරටට ආනයනය කරන ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට බදු
මුදලින් පමණක් වීමය.
ඉතිහාසයේ
ප‍්‍රථම වතාවට මෙන්ම කලාවේ අභිවෘද්දියට ඉදි වූ රන්මිණිතැන්නේ දේශීය මෙන්ම විදේශීය
ටෙලි නාට්‍ය, චිත‍්‍රපට රූපගත කර ඇත.
ඔබට
මතක ඇති ආසියාවේ දීර්ඝතම ගුවන් විදුලි ටෙලි නාට්‍ය. ඒ මුවන්පැලැස්සයි. ඒ වගේම
එයින් නිර්මාණය වුණු කොරළේ මහත්තයා ටෙලි නාට්‍යය ද ප්‍රේක්ෂකයාගේ සිත්ගත් ටෙලිනාට්‍යයක්.
එහි මුළු ටෙලිනාට්‍යම රූගත කෙරුණේ රන්මිණිතැන්නෙ. මුවන්පැලැස්සෙන් ශ‍්‍රාවකයා තුළ
මැවූ දර්ශන රන්මිණිතැන්න ඇසුරෙන් කොරළේ මහත්තයාහි ටෙලි නාට්‍යයෙන් දක්නට ලැබුණා.
මෙය රූගත කිරීමම සිනමා ගම්මානයක වටිනාකම හොඳින්ම කියාපාන සාක්ෂියක්.
අමුතු
මිනිස්සු ටෙලි නාට්‍යයේ ද සියළු කොටස් රූගත කරන ලද්දේ රන්මිණිතැන්න ටෙලි සිනමා
ගම්මානයේ. සැබැවින්ම එය අමුතු ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ තිබෙන්නේ කාල්පනික
නගරයක්. ප‍්‍රංශයේ ඇල්බියස් නගරය කේන්ද්‍ර කරගත් මෙහි කතාව ලංකාවේ පසුබිමට අනුව
වෙනස් කරනවා. අමුතු මිනිස්සු හි අධ්‍යයක්ෂක රොෂාන් කුරුප්පු මහතා ප‍්‍රකාශ කරන්නේ
මේ ටෙලි නාට්‍යයට අවශ්‍ය සියලූ දර්ශන රන්මිණිතැන්නේ පමණක් තිබුණු බවයි. ඒ වගේම
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සකස් වී තිබුණු සියළුම පසුතල මෙය රූගත කිරීමට
යොදා ගත් බව ද ප‍්‍රකාශ කළා.
මේ
අතරින් රන්මිණිතැන්නෙහි රූගත කෙරුණු පළමු චිත‍්‍රපටිය වුණේ මහාචාර්ය සුනිල්
ආරියරත්න විසින් අධ්‍යයක්ෂණය කළ කුස පබා චිත‍්‍රපටියයි. මෙහිදී පැරණි දඹදිව
රන්මිණිතැන්නෙන් බලාගැනීමට අපට හැකියාව ලැබුණා.
දේශීය
සේම විදේශීය චිත‍්‍රපට මෙහි රූපගත කිරීම ද මෙහි සුවිශේෂී ලක්ෂණයක්. ඒ ඉන් එක්
අවස්ථාවක් ලෙෂ ඉන්දීය චිත‍්‍රපට අධ්‍යයක්ෂක අනුරාග් කාෂි විසින් අධ්‍යයක්ෂණය කරන
ලද බොම්බේ වෙල්වට් චිත‍්‍රපටිය මෙරට රූගත කිරීම දැක්විය හැකිය. ඉන්දියාවේ
බොලිවුඩයට මේ අයුරින් අපට සම්බන්ධ වීමට හැකි වීමද ලාංකීයන් ට අභිමානයක්.
ඒ
වගේම සෝලා එලික්ස් චිත‍්‍රපටිය ද රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ රූපගත කෙරුණු
විදෙස් චිත‍්‍රපටියකි. චිත‍්‍රපටියට අවශ්‍ය ඇමෙරිකානු හා ඉන්දීය දර්ශන තල අතිවිශාල
පිරිවැයක් දරමින් රන්මිණිතැන්නෙහි ඉදි වුණා.
මෙසේ
ලාංකීය කලාව ජාත්‍යන්තරයට ගෙන යෑමේ එක් සංධිස්ථානයක් ලෙසින් රන්මිණිතැන්න ටෙලි
සිනමා ගම්මානය හැඳින්විය හැකියි. මෙය ලාංකීය සිනමාවේ පිනට
පහළ වූ අග‍්‍රගන්‍ය නිර්මාණයක්. වල් බිහි වීමට නොදී එය රැකගැනීම අප කලාකරුවන්ගේ
වගකීමක්.