Monday, July 24, 2017

ආසියාවේ මනාලිය


ආසියාවේ මනාලිය කියලා හඳුන්වන්නේ අපි හැමෝම දන්නා ජපානය. ජපානය සුන්දර රටක් වගේම එරට සිටින මිනිස්සුත් සුන්දර හා ඉතාමත් ප්‍රිය මනාප යැයි බොහෝ දෙනාගේ අදහසයි. එසේම සොර සතුරු කරදර අවම බියෙන් සැකයෙන් තොරව සංචාරය කළහැකි රටක් ලෙස ද ජපානය හඳුන්වනවා.
ජපානයේ හතරෙන් තුනක වපසරියක්ම කඳුකර පෙදෙස් සඳහා වෙන් වන අතර ඉතිරිය තැනිතලා හා ගං මෝය වලින් සමන්විත වේ. ජපානයේ උතුරේ සිට දකුණ දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් දුපත් සමුහයකි. මේවායින් හොක්කයිදෝ, හොන්ෂු, ෂිකොකු හා  කියුෂු ප්‍රධානය. මේ ආකාරයෙන් ජපන් භුමියේ තිබෙන නම්‍යතාවයවය ද ජපානය සුන්දර රටක් කරන්න පිටුවහලක්.
ඒ වගේම ජපානය මනාලියක් කරන්න විශාල කාර් යයක් කරන්නේ එරට දේශගුණ හා කාලගුණ යි. ජපානය ප්‍රධාන වශයෙන් ඍතු හතරකින් යුක්තයි. ඒවා හරු, නත්සු, අකි හා යුෆු වේ. ජපානයේ කාලගුණය පුදුමාකාරයි. මොකද ජපානයේ උතුරු ප්‍රදේශයේ හා දකුණු ප්‍රදේශයේ පවතින්නේ කාලගුණයේ පරස්පර තත්වයක්. ඒ, එකම කාල වකානුවකදී දකුණු ප්‍රදේශයට හිරු රැස් වලින් යුක්ත උණුසුම් කාලගුණයක්ද, උතුරු ප්‍රදේශයට හිම වැටෙන සීතල කාලගුණයකින් ද යුතු වීම නිසා. ජපානයේ ඉතා මනරම් දර්ශනයක් විදියට වසන්තයේ සකුරා මල් විකසිත වීම. පුරා මාස හයක සීතල දේශගුණයකින් පසුව උදාවන වසන්ත සමය තමා ජපානය මනාලියක් කරන්න සමත් වෙන්නෙත්. ඒ වගේම සරත් කාලයේ රතු, තැබිලි හා කහ වර් ණ ගැන්වෙන ගස්වල කොළ ඇතිවීම ද සුන්දරත්වය ඔප දමන තවත් අවස්ථාවක්. එරටට අනන්‍ය වූ මේ සුන්දරත්වය තමයි මුළු රටම හැඩකරන්නේ.
වසන්ත සමය ජපානය නිරන්තරයෙන් උත්සවශ්‍රීයෙන් පුරවනව. සෑම වර් ෂයකම මාර් තු  අවසන් සතියේ සිට මැයි මුල් සතිය දක්වා සමස්ත එළබෙන වසන්තය ජපානයට ආවේණික වූ උත්සව සමයක් ආරම්භ කරනවා. මේ උත්සව සමය  හනමි (Hanami) නමින් හඳුන්වනවා. හනමි නමින් ඔවුන් අරුත් දක්වන්නේ මල් පිබිදෙන නැතිනම් මලින් පිරුන යන අදහසයි. හනමි සමයේ විශේෂිත මල් වර් ගය වෙන්නේ සකුරා නැතිනම් චෙරි මල් ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේ මුල් සතියේ සකුරා මල් පිපෙන සමය පිළිබදව තොරතුරු ජපානයේ කාලගුණ තොරතුරු මද්‍යස්ථානය මඟින් ප්‍රසිද්ධ කරනු ලබයි. මාර් තු මාසයේ අවසන් සතියේදී පමණ දකුණේ කියුෂු දුපතෙන් ආරම්භ වන සකුරා මල් සමය උතුරේ හොකයිදෝ දුපතෙන් මැයි මාසයේ මුල් සතියේදී අවසන් වේ.සකුරා සමය දේශගුණ හා කාලගුණ තත්වයන් මත රඳා පවතින්නකි. ඒ කාලගුණික ස්වභාවික සංසිද්දීන් මත සකුරා මල් සමය ප්‍රමාද වීම හෝ කෙටි වීම සිදු වේ.
වසන්ත කාලය අසිරිමත් කරන්නේ සකුරා මල් නිසා සකුරා මල් වසන්ත සමය කියලත් හඳුන්වනවා.ජපානයේ වසන්ත සමයට සකුරා මල් සංකේතයක් නමුත් ඒ වසන්ත සමය අර් තවත් කරන්නේ ජපන් ජාතිකයන්ගේ සැලකිලිමත් බැවින් හා පිලිවෙලින් ය.
ජපන් වසන්තයේදී සකුරා මලින් පසුව අවදානය යොමු වෙන්නේ ටියුලිප්(tulip) මල් වලට හා polemoniaceae, ඩෆිඩිල් මල් වලටය. ඒ වගේම වසන්ත සමයට පමණක් පිපෙන ඊට අවේණික මල් වර් ග මේ වසන්ත සමය තවත් හැඩ කරනව.
ගං ඉවුරු වල, මං මාවත් අද්දර වගේම මුළු ජපනයම හැඩ කරන මේ මල් ජපානයේ අනන්‍යතාවයි. එය ජපානය ආසියාවේ මනාලිය කිරීමට සමත්ය.

4 comments: