Tuesday, August 1, 2017

ජපන් කිමෝනාව






ජපානය සුන්දර රටක්. ඒ නිසයි ආසියාවේ මනාලිය නමින් ජපානය විරුදාවලි ලබන්නෙත්. එහි සංස්කෘතිය මුළු ලෝකයේම ආකර්ෂණයට ජපානය හසුවන පරිදි නිර්මාණය වූවකි. ආසියාතික රටක් ලෙස ලෝකය තුළ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගත් රටක් ලෙස ජපානය හැඳින්විය හැකිය.
මේ ප්‍රවේශය ජපානයේ කිමෝනාව පිළිබඳ ගිමන්හලේ සංචාරයෙන් ඔබව දැනුවත් කරන්න. ජපානයේ චිරාගත සම්ප්‍රදායික ඇඳුම ලෙස ලෝකයම පිළිගන්නේ කිමෝනාව. අනෙක් හැම රටකටම වගේම ජපානයේ ජාතික ඇඳුම ලෙස නම් කරන්නෙත් මේ කිමෝනාවමයි. කිමෝනාව ඉතාමත් සංවර ඇඳුමක්. මෙය ජපානය සතු සාම්ප්‍රදායිකත්වයේ අනන්‍යතාවය ලොවටම කියාපාන සංකේතයක්.  ඒ කිමෝනාව ජපානයට පමණක් සුවිශේෂී ඇඳුමක් වන නිසාය.




සාමාන්‍යයෙන් බහුලවම කිමෝනාව නිර්මණය කරන්නේ සේද රෙදි යොදාගෙනය. එසේම කපු, වූල් හා ලිනන් රෙදි ද මේ සඳහා යොදා ගනියි. කපු රෙදි වලින් මසන කිමෝනාව බහුලවම භාවිතා කරන්නේ ග්‍රීෂ්ම ඍතුවේදී ය. සාමාන්‍යයෙන් කිමෝනාවක ස්වභාවය නම් විශාල අත් සහිතව උරහිසේ සිට දෙපතුල් දක්වා දිගට නිර් මාණය කිරීමයි. කිමෝනාව කොටස් කීපයකින් යුක්ත වේ.බඳ වටා ‘ඔබි ’ නැමැති පළල් පටියක් බඳිනු ලැබේ. මේ ආකාරයෙන් කිමෝනාව නිමවේ. කිමෝනාව සඳහා ම විශේෂිත වූ ලි සෙරෙප්පු කුට්ටමක් හා විශේෂිත මේස් කුට්ටමක් භාවිත කරයි. මේ සෙරෙප්පු කුට්ටම ‘සෝරි ’ යනුවෙන් හා මේස් කුට්ටම ‘තබි’ යනුවෙන් ද හඳුන්වයි.
කිමෝනාව ජපානයේ ගැහැණු හා පිරිමි දෙපාර්ශවය ම භාවිත කරයි. විවාහක කාන්තාවන් ‘තොමෙසොදෙ’ නමින් හඳුන්වන කිමෝනාව භාවිත කරයි. ඒ කිමෝනා වර්ගයේ අත් කොටට නිර්මාණය කරයි. අවිවාහක කාන්තාවන් ‘ෆුරිසොදෙ’ යනුවෙන් හඳුන්වන අත් දිගට නිර්මණය කරනු ලබන කිමෝනා වර්ගය භාවිතා කරයි.  
සාමාන්‍යයෙන් කිමෝනාව අඳින පුද්ගලයාගේ වයස, සමාජ තත්වය ආදී කරුණු මත අඳිනු ලබන කිමොනාවේ වර් ණය හා විලාසිතාව වෙනස් වේ.  
බටහිර ඇඳුම් සමඟ සසඳන විට කිමෝනාව සංවර හා අවෘත ඇඳුමකි. නමුත් මෙය ඇඟලා ගැනීමට ගතවන කාලය වැඩිය. ඒ වෙනුවට ‘යුකතා’ නම් වූ සැහැල්ලු පහසු කිමෝනාවක් උෂ්ණ කාලයේදීත් උත්සව සංදර්ශන අවස්ථා වලදීත් ඇඳීමට යොදා ගනියි.
අතීතයේදී මේ කිමෝනාව සුලභ ඇඳුමක් වුවද වත්මනෙහි නම් මෙය දුලභ දසුනක් වී ඇත. එහිදී  කිමෝනාව ඇඳීමට වැඩි වෙලාවක් ගත වීම ආදී කරුණු ද බලපාන්නට ඇත. අද කිමෝනාව අඳිනු ලබනු දැකිය හැක්කේ උත්සව අවස්ථා වලදී පමණි. ඒ උත්සව ලෙස ෂිචි ගො සාන්, විවාහ උත්සව,අවමංගල අවස්ථා, නව අවරුදු උත්සව, බෝනික්කන් උත්සවය, තේ පාන උත්සවය, වැඩිවියට පත්වීමේ උත්සව  හා උපාධි උත්සව ආදියයි.

ජපන් සංස්කෘතියේ එන කිමෝනාව පිලිබඳ වතගොත මේ ආකාරයෙන් කැටි කර දැක්විය හැකිය. ගොඩවෙන්න ගිමන්හලට  දැනුම වෙත වතගොත එකතු කරගන්න
. 

Friday, July 28, 2017

නොරිකෝ නුඹ........



නොරිකෝ නුඹ........

සකුරා මල් පිපෙන ඉසව්වේ
සකුරාවේ චමත්කාරය විඳින්නට,
ෆූජි කන්ඳේ හිමතලා මැඳ
සිරිය විඳින්නට,
තෝකියෝ කෝපි හලේ හිඳ
ඒ රසය විඳින්නට,
ලාපුපේ සංගීතයේ
මිහිර විඳින්නට,
නියෝන් එළිය මැඳ
වීදි දිගේ ඔහේ ඇවිද ගොසින්
සකුරාවේ බහ තෝරන්නට,
දෙවේන්දොරෝට.....
හයියක් වුණේ
නුඹ යි.........

ඉෂානි හංසිකා අමරදිවාකර

Monday, July 24, 2017

ආසියාවේ මනාලිය


ආසියාවේ මනාලිය කියලා හඳුන්වන්නේ අපි හැමෝම දන්නා ජපානය. ජපානය සුන්දර රටක් වගේම එරට සිටින මිනිස්සුත් සුන්දර හා ඉතාමත් ප්‍රිය මනාප යැයි බොහෝ දෙනාගේ අදහසයි. එසේම සොර සතුරු කරදර අවම බියෙන් සැකයෙන් තොරව සංචාරය කළහැකි රටක් ලෙස ද ජපානය හඳුන්වනවා.
ජපානයේ හතරෙන් තුනක වපසරියක්ම කඳුකර පෙදෙස් සඳහා වෙන් වන අතර ඉතිරිය තැනිතලා හා ගං මෝය වලින් සමන්විත වේ. ජපානයේ උතුරේ සිට දකුණ දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් දුපත් සමුහයකි. මේවායින් හොක්කයිදෝ, හොන්ෂු, ෂිකොකු හා  කියුෂු ප්‍රධානය. මේ ආකාරයෙන් ජපන් භුමියේ තිබෙන නම්‍යතාවයවය ද ජපානය සුන්දර රටක් කරන්න පිටුවහලක්.
ඒ වගේම ජපානය මනාලියක් කරන්න විශාල කාර් යයක් කරන්නේ එරට දේශගුණ හා කාලගුණ යි. ජපානය ප්‍රධාන වශයෙන් ඍතු හතරකින් යුක්තයි. ඒවා හරු, නත්සු, අකි හා යුෆු වේ. ජපානයේ කාලගුණය පුදුමාකාරයි. මොකද ජපානයේ උතුරු ප්‍රදේශයේ හා දකුණු ප්‍රදේශයේ පවතින්නේ කාලගුණයේ පරස්පර තත්වයක්. ඒ, එකම කාල වකානුවකදී දකුණු ප්‍රදේශයට හිරු රැස් වලින් යුක්ත උණුසුම් කාලගුණයක්ද, උතුරු ප්‍රදේශයට හිම වැටෙන සීතල කාලගුණයකින් ද යුතු වීම නිසා. ජපානයේ ඉතා මනරම් දර්ශනයක් විදියට වසන්තයේ සකුරා මල් විකසිත වීම. පුරා මාස හයක සීතල දේශගුණයකින් පසුව උදාවන වසන්ත සමය තමා ජපානය මනාලියක් කරන්න සමත් වෙන්නෙත්. ඒ වගේම සරත් කාලයේ රතු, තැබිලි හා කහ වර් ණ ගැන්වෙන ගස්වල කොළ ඇතිවීම ද සුන්දරත්වය ඔප දමන තවත් අවස්ථාවක්. එරටට අනන්‍ය වූ මේ සුන්දරත්වය තමයි මුළු රටම හැඩකරන්නේ.
වසන්ත සමය ජපානය නිරන්තරයෙන් උත්සවශ්‍රීයෙන් පුරවනව. සෑම වර් ෂයකම මාර් තු  අවසන් සතියේ සිට මැයි මුල් සතිය දක්වා සමස්ත එළබෙන වසන්තය ජපානයට ආවේණික වූ උත්සව සමයක් ආරම්භ කරනවා. මේ උත්සව සමය  හනමි (Hanami) නමින් හඳුන්වනවා. හනමි නමින් ඔවුන් අරුත් දක්වන්නේ මල් පිබිදෙන නැතිනම් මලින් පිරුන යන අදහසයි. හනමි සමයේ විශේෂිත මල් වර් ගය වෙන්නේ සකුරා නැතිනම් චෙරි මල් ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේ මුල් සතියේ සකුරා මල් පිපෙන සමය පිළිබදව තොරතුරු ජපානයේ කාලගුණ තොරතුරු මද්‍යස්ථානය මඟින් ප්‍රසිද්ධ කරනු ලබයි. මාර් තු මාසයේ අවසන් සතියේදී පමණ දකුණේ කියුෂු දුපතෙන් ආරම්භ වන සකුරා මල් සමය උතුරේ හොකයිදෝ දුපතෙන් මැයි මාසයේ මුල් සතියේදී අවසන් වේ.සකුරා සමය දේශගුණ හා කාලගුණ තත්වයන් මත රඳා පවතින්නකි. ඒ කාලගුණික ස්වභාවික සංසිද්දීන් මත සකුරා මල් සමය ප්‍රමාද වීම හෝ කෙටි වීම සිදු වේ.
වසන්ත කාලය අසිරිමත් කරන්නේ සකුරා මල් නිසා සකුරා මල් වසන්ත සමය කියලත් හඳුන්වනවා.ජපානයේ වසන්ත සමයට සකුරා මල් සංකේතයක් නමුත් ඒ වසන්ත සමය අර් තවත් කරන්නේ ජපන් ජාතිකයන්ගේ සැලකිලිමත් බැවින් හා පිලිවෙලින් ය.
ජපන් වසන්තයේදී සකුරා මලින් පසුව අවදානය යොමු වෙන්නේ ටියුලිප්(tulip) මල් වලට හා polemoniaceae, ඩෆිඩිල් මල් වලටය. ඒ වගේම වසන්ත සමයට පමණක් පිපෙන ඊට අවේණික මල් වර් ග මේ වසන්ත සමය තවත් හැඩ කරනව.
ගං ඉවුරු වල, මං මාවත් අද්දර වගේම මුළු ජපනයම හැඩ කරන මේ මල් ජපානයේ අනන්‍යතාවයි. එය ජපානය ආසියාවේ මනාලිය කිරීමට සමත්ය.

Monday, July 17, 2017

ලොව බලගතු ‘ඕම්’ අක්ෂරය


ඕම් අක්ෂරය පිළිබද ඔබ නොදන්නා දේ බොහෝය. පෞරාණික හින්දු ඉගැන්වීම් හා නවීන Quantam Physics සොයාගැනීම් අනුව විශ්ව ආරම්භයෙදී පැවත තිබෙන්නේ විශ්වීය ශබ්ද තරංග යි. මේ විශ්වීය ශබ්දය ‘ඕම්’ ලෙස ඇසුණු බව යෝග ඍෂිවරුන් පවසා ඇත. මේ අනුව  ‘ඕම්’ යනු විශ්ව ශක්තියයි. ලොව බලගතුම අක්ෂරය මෙය යැයි බොහෝ දෙනාගේ අදහසයි. ‘ඕම්’ ශබ්දයේ ශක්තියෙන් අපව ජීවත් කරවන ප්‍රාණ ශක්තිය නිර් මාණය වූ බව ද පවසයි. ඒ නිසා ඕම් ශබ්දය ජප කිරීමෙන් අපේ අභ්‍යන්තරයේ තිබෙන ශක්තිය අවදි කළ හැකි වේ.
 මේ තුළ ගුප්ත බලයක් අඩංගුය. ඒ බලය නිසාම විශාල ප්‍රමාණයක් මන්තර නිර්මාණයේදී මේ වචනය ඇතුළත් වනු දැකගත හැකිය. ‘ඕම් ’ කාරය තුළ ගැබ් වී තිබෙන ශක්තිය ලබාගන්න නම් එය නිවැරදි ලෙස ජප කිරීම අවශ්‍ය ය. එසේම මෙම වචනයේ තිබෙන බලය නිසා එය දෙවියන්ගේ වචනය ලෙස ද ඉන්දියානු පොත් පත් වල සඳහන් වේ.  මෙය ගණ දෙවියන්ගේ අක්ෂරය ලෙස ද හදුන්වයි. දමිළ භාෂාවේදී ඕම් අක්ෂරය එල්ලා වැටෙන හොඩවැලක් සේ නිර් මාණය වීම ද මෙහිදී සුවිශේෂීය. ශ්‍රීමත් භගවත් ගීතිකාව, හථයෝග ප්‍රදීපිකාව, මණ්ඩුක උපනිෂද්, ගෙරන්ඩ සම්හිතා, ශිව සාහිත්‍ය යන වේද ග්‍රන්ථ වල ඕම් ශක්තිය ගැන බොහෝ තොරතුරු සඳහන් වේ.



හින්දු ආගමේ මුලිකම මන්ත්‍රය ‘ඕම්’ මන්ත්රයයි. එය සෑම මන්ත්‍රයකම මුලාශ්‍රයයි. මෙම හේතුන් නිසා හින්දු දහමේ පවතින මූලිකම හා බලවත් මන්ත්‍රය ලෙස මෙය හැඳින්වෙයි. සියලුම හින්දු යාඥා වල පෙර හා අවසාන පදය මෙයයි. සමහර මන්ත්‍ර යම් දෙවියෙක් උදෙසා ගායනා කළ ද ඕම් ශාන්ති මන්ත්‍රය හා ගයත්‍රී වැනි මූලික මන්ත්‍ර සදාතනික යථාර්තය උදෙසා ලියවී ඇති බව මතයයි.
එකදිගට ඕම් කාරය ශ්‍රවනය කිරීමෙන් මොළයෙන් ඇල්ෆා නම් කිරණක් පිටවෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. ඇල්ෆා කිරණ පිටවෙන්නේ සිත සමාධි ගත වෙන වෙලාවටය. සුළු වෙලාවක් හෝ ඕම් කාරය භාවිතයට ගැනීමෙන් ඔබ පෙලෙන්නා වූ බොහෝ ව්‍යාදි වලට සහනයක් ලබාදිය හැකිය. ඕම් වචනය ශබ්ද නගා කිව්වත් ඒ තුළින් අසීමිත සහනයක් ලැබෙන බව පවසයි. අධ්‍යාත්මික සුවය වගේම මිනිසාට භෞතික කටයුතු සඳහා ද මින් ලැබෙන සහනය අපමණය.
ඕම් කාරය භාවනාවක් ලෙස කළහැකි නම් අදහාගත නොහැකි ප්‍රථිපල ලගා කරගැනීමට මඟක් වේ.


Tuesday, July 4, 2017

මතකය


 කාලය නම් වැලිතලාවේ
සැඟවූ අතීතය,
 මේ ගෙවෙන තත්පරයක් පාසා
අතීතයට එක්වන අද දවස
 එක්කරයි මතක පොතට
අළුයට සැඟව ගත්
දැවෙන පිච්චෙන අතීතය ද,
නිදහස්ව හුස්ම ගන්නා අතීතය ද,
එක්ව ගොඩනගයි
එ් මතක එක්කරන
 අනාගත මංපෙත....
මතක අමතක කළනොහැක
කිසිදින,
සුළි කූණාටු,
වසන්ත සමයන්,
 එක්ව නැංවුණු
 මතකය
පෙන්වයි සැමදා
 යථාර්ථය....

ඉෂානි හංසිකා අමරදිවාකර